Sunday, November 9, 2014

මෙත් සවිය සංසදය යනු නිරවුල් මනසක් ඇති, වර්ධනය කරගත් මානසික ශක්තියක් සහිත බුද්ධිමත් ශ්‍රී ලාංකික ජනතාවක් බිහි කරලීමේ අරමුණින් අරඹන ලද සාමාජික එකතුවකි. සංසදය මගින් පවත්වනු ලබන වැඩ සටහන් අතර, සාර්ථකව ඉගෙන ගන්නා අන්දම, විභාග සමත්වන අන්දම, ත්‍රෛමාසික චිත්ත සංයම අභ්‍යාස හා භාවනා වැඩ සටහන් ප්‍රමුඛත්වයක් ගනී. ජීවිතයේ යථාර්ථය තේරුම් ගෙන හා සසර ගමන හරි හැටි අවබෝධ කරගෙන නිවන් මගට පිවිසීම මෙහි සියළු සාමාජික සාමාජිකාවන්ගේ අරමුණ යි. මෙහි විධායක කමිටු හා සෙසු ප්‍රධාන තනතුරු දරණ නිලධාරින් සියළු දෙනා රහ මෙර පානයෙන් හා දුම් වැටි ඉරීමෙන් වැළැකුණු අය වීම මෛත්‍රියම පෙරදැරි වූ මෙම සංසදයේ විශේෂත්වයකි.


මෙත් සවිය නිර්මාතෘ තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න ගුරු පියාණන්ගෙන් භාවනාව හා අධි මානසික විද්‍යාව ප්‍රගුණ කළ සිසුවකු ලෙස , උන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙත් සවිය සාමාජිකයන් විසින් ඇරැඹි මහියංගන සුවිසල් බුදු පිළිම වහන්සේගේ නිර්මාණ කටයුතු වෙනුවෙන් දායක වන්නට අදහස් කළෙමි.

වසර 266 සම්බුද්ධත්ව ජයන්තිය සිහිපත් කරනු වස්, සම්බුදු පියාණන් දෙසූ 84 දහසක් ධර්ස ස්කන්ධය සිහි කරමින් අඩි 84 ක් උස් වන සේ මහියංගන මහ සෑය අසල වැව මධ්‍යයේ මෙම බුදු පිළිම වහන්සේ ඉදි කෙරේ. බුදුන් සිරිලකට පළමු වරට වැඩම කළ අසිරිමත් මහියංගන පුදබිමෙහි ඉදිවන මේ අසිරිමත් බුදු පිළිම වහන්සේගේ ඉදි කිරීම වෙනුවෙන් “ ජයශ්‍රී රේඩියෝ “ ව අරඹන මෙම අරමුදලට මාගේ මිතුරු.. මිතුරියන් නොමසුරුව දායක වන්න.
මෙම නාම ලේඛණය සකස් කරන්නේ මුදල් ලද පිළිවෙලට බව කරුණාවෙන් සළකන්න.